• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little Japan’ වැඩසටහන ශ්‍රී ලංකාවේදී සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි

4 August 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little Japan’ වැඩසටහන ශ්‍රී ලංකාවේදී සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Little Japan සංස්කෘතික හුවමාරු වැඩසටහන හරහා ජාත්‍යන්තර මට්ටමින් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට Colombo International Airport Hotel කටයුතු යොදා ඇත. ඒ අනුව, මෙරට ඉතිහාසයේ පුද්ගලික අංශය විසින් සංවිධානය කරනු ලබන විශාලතම ජපන් සංචාරක නියෝජිත පිරිස පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි. එහිදී අගෝස්තු මස අවසන් දින කිහිපයේදී 250 කට අධික ජපන් සංචාරකයන් පිරිසක් දින කිහිපයක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සුවිශේෂී නියෝජිත පිරිස මෙරටට ගෙන්වා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ආචාර්ය රුවන් පෙරේරා මහතාය. Colombo International Airport Hotel හි සභාපති වරයා ලෙස කටයුතු කරන ඒ මහතා බොහෝ කාලයක සිට ජපන් – ශ්‍රී ලංකා සබඳතා ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කැපවී කටයුතු කරයි.
සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වී ඇති ආචාර්ය රුවන් පෙරේරා මහතා, ගෝලීය පේටන්ට් බලපත්‍ර කිහිපයකටම හිමිකම් කියන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. එම කාලය තුළ තමන් ලද අත්දැකීම් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන ඒ මහතාගේ කැපවීම ඉහළ නැංවීමට හේතුවක් විය. ජපානය සමඟ පවතින පෞද්ගලික සබඳතාවය, දශකයකටත් වඩා වැඩි කාලයක් පුරා දෙරට අතර අඛණ්ඩව සිදුකළ වැඩසටහන් මාලාවක් බවට පත් විය. ඒ අනුව Little Japan යනු එක් වරක් පමණක් සංවිධානය කරන උත්සවයක් නොව, සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම සහ ආයෝජන සඳහා දෙරට යා කරන සැබෑ පාලමක් බවට පත්ව තිබේ.
සිය Little Japan යටතේ ජපානය සහ ශ්‍රී ලංකාව එකිනෙකට සමීප කරවීම සඳහා සුවිසල් ඉතිහාසයක් නිර්මාණය කර ඇති ආචාර්ය පෙරේරා මහතා 2018 සහ 2019 වර්ෂවලදී Japan Expo ප්‍රදර්ශනයද, 2020 වසරේදී Japan Festival ද සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. ඉන්පසුව 2024 වසරේදී ජපන් ජාතික මව්වරුන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරට සංචාරය සඳහා ගෙන්වා ගැනීමටත්, 2025 වසරේදී 45 දෙනෙකුගෙන් යුත් ජපන් ව්‍යාපාරික නියෝජිත පිරිසකට සත්කාරකත්වය සැපයීමටත් ඒ මහතා කටයුතු කර ඇත. මේ වසරේ පැමිණෙන 250 කට අධික ජපන් නියෝජිත පිරිස මෙතෙක් පැමිණි විශාලතම නියෝජිත කණ්ඩායම බවට පත් වනු ඇත.
ජපානය සමඟ වන මෙම සබඳතාව සංචාරක ව්‍යාපාරයට සහ වෙළෙඳාමට පමණක් සීමා නොවී, සමාජ සේවා කටයුතු වෙනුවෙන් යොදා ගැනීමටද කටයුතු කර ඇති ආචාර්ය පෙරේරා මහතා මේ වන විට ශ්‍රී ලංකාව පුරා පිහිටි පාසල් 50කට වඩා වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට සිය දායකත්වය ලබා දී ඇත. ගෝලීය වසංගත කාලසීමාව තුළදී වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු 40 දෙනෙකුගෙන් යුත් ජපන් නියෝජිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට ද ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. එහිදී එම පිරිස විසින් රුපියල් මිලියන 10 කට වඩා වැඩි මූල්‍ය ආධාර මෙන්ම කිලෝග්‍රෑම් 800කට අධික අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කොළඹ මහ රෝහල වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලැබූහ. ආචාර්ය පෙරේරා මහතාට අනුව, Little Japan ව්‍යාපාරික සැලසුමෙහි ප්‍රධානතම ශක්තිය වන්නේද මෙම අඛණ්ඩ දිගුකාලීන කැපවීමයි. එමඟින් ගොඩනැගෙන අන්‍යෝන්‍ය විශ්වාසය සහ සුහදශීලී බව, ජපන් ආයෝජකයන්ට සහ ව්‍යාපාර වලට ශ්‍රී ලංකාව සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ඇත.
මෙම නියෝජිත පිරිස මෙරටට පැමිණීමේදී සහ නැවත පිටත්ව යාමේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි සංචාරක ගමනාන්ත රැසක් වෙත සංචාරය කිරීමට කටයුතු යොදා ඇත. Japan Returns to Sri Lanka යන තේමාව යටතේ මෙම සම්පූර්ණ වැඩසටහන සංවිධානය කර ඇති අතර, එමඟින් දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ සහ වෙළෙඳ සබඳතාවන්හි නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනු නිසැකය.
මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ Little Japan හි නිර්මාතෘ මෙන්ම Colombo International Airport Hotel හි සභාපති ආචාර්ය රුවන් පෙරේරා මහතා ”මෙම පැමිණීම හුදෙක් සංචාරයක් පමණක් නොව, ජපානයේ සංචාරක සහ ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ලොවට කියා පාන අවස්ථාවක් වනවා. සංචාරයකට වඩා එහා ගිය, ජපානයේ සංචාරක සහ ව්‍යාපාරික ප්‍රජාව විසින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ලද දැඩි විශ්වාසය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලෙස ද මෙය පෙන්වා දිය හැකියි. මේ අයුරින් 250 කට අධික අමුත්තන් පිරිසක් එකට එකතු කර මෙරටට ගෙන්වා ගැනීමට හැකි වීම, රටවල් දෙක අතර පවතින පුද්ගලික සහ වාණිජ සබඳතා නැවත ශක්තිමත් කර ගැනීම සඳහා තැබූ ඉතා වැදගත් පියවරක් වන අතර එය යථාර්තයක් බවට පත්කර ගැනීමට හැකි වූ ප්‍රධානතම වැඩසටහනක් බවට Little Japan පත් වීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙන් සඳහන් කරන ලදී.
එමෙන්ම මෙම නියෝජිත පිරිසගේ පැමිණීම Colombo International Airport Hotel සහ Little Japan වැඩසටහන ලද සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, ජපන් ආයෝජකයන්, ව්‍යාපාරිකයන් සහ සංචාරකයන් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සම්බන්ධ කිරීමේ ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ දිගුකාලීන දැක්ම ඒ තුලින් මනාව පිළිබිඹු වේ. ඉදිරි වසර කිහිපය පුරා ජපන් සංචාරකයන්, ආයෝජකයන් සහ එරට ප්‍රමුඛ ආයතන සමඟ සමීපව කටයුතු කරමින්, මෙම සාර්ථකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මෙම ආයතනය කැපවී කටයුතු කරනු ඇත.
Colombo International Airport Hotel 82
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටි, ජපානයේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන සුඛෝපභෝගී ආගන්තුක සංචාරක හෝටල් පරිශ්‍රයක් ලෙස Colombo International Airport Hotel සඳහන් කළ හැකිය. මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර නියෝජිත පිරිස්, ගුවන් ගමනකින් තවත් ගුවන් ගමනකට මාරුවන සංචාරකයන් සහ ව්‍යාපාරික අමුත්තන් සඳහා ප්‍රධානතම පිවිසුම් දොරටුවක් ලෙස ද සේවාවන් ලබා දෙයි.
Little Japan පිළිබඳව
Little Japan යනු ජපන් සංචාරකයන්, ව්‍යාපාර සහ ආයතන, ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත, ව්‍යාපාරික ආයතන සහ විවිධ ප්‍රජාවන් සමඟ සම්බන්ධ කරනු ලබන සුවිශේෂී වැඩසටහනකි. එමඟින් දෙරට අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කරන අතරම, ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටද කටයුතු කරයි. Little Japan වැඩසටහන Colombo International Airport Hotel හි සුවිශේෂී වැඩ සටහනක් යටතේ ක්‍රියාවට නංවනු ලබයි.
Post Views: 27
Previous Post

ගිවිසුමකට එන්න නැතහොත් යටත් වෙන්න

Next Post

අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කිරීමට විශේෂ කාරක සභාවක් ඉල්ලා සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කිරීමට විශේෂ කාරක සභාවක්  ඉල්ලා සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කිරීමට විශේෂ කාරක සභාවක් ඉල්ලා සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved