පසුගිය වසරේ එංගලන්ත ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගත් ලිවර්පූල් පිලේ කළමනාකරු ආර්න් ස්ලොට් (Arne Slot) එම තනතුරෙන් ඉවත් කිරීමට සමාගම පියවර ගෙන ඇත. 2025/26 ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලිවර්පූල් පිල ලකුණු සටහනේ පස්වන ස්ථානයට පත්වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ.
යුර්ගන් ක්ලොප්ගෙන් පසුව 2024 වසරේදී ලිවර්පූල් පිලේ පුහුණුකාරීත්වය භාරගත් ස්ලොට්, සිය පළමු වාරයේදීම ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගනිමින් විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, අවසන් වූ තරග වාරයේදී කණ්ඩායමේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමට වඩා පහත වැටීම හේතුවෙන් සමාගම් පරිපාලනය විසින් මෙම තීරණය ගෙන තිබේ.

