• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශිය ගොවියා ව්‍යවසායකයෙකු බවට පත් කළ හැකියි – ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් පවසයි

7 January 2021
in සංවර්ධන

කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම මඟින් දේශිය ගොවියා ව්‍යවසායකයෙකු බවට පත් කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහය ගොවීන්ට ලබාදෙන්නැයි වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රාදේශිය නිලධාරින්ට කියා සිටියේය.

එමෙන්ම වැවිලි ක්ෂේත්‍රය හරහා සෘජු විදේශ ආයෝජන ලබාගැනීමේ අවස්ථාව පවතින බවත් ජාතික ආර්ථිකයේ වැදගත්ම කොටසක් වන වැවිලි ක්ෂේත්‍රය ග්‍රාමීය මට්ටමේ ජනතාව අතරට ගෙන යාම සඳහා කටයුතු කරන ලෙසද හෙතෙම පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි. වැවිලි ක්ෂේත්‍රයට අදාළව 2021 අයවැය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී නිලධාරින් දැනුවත් කළ අතර වැවිලි ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එමෙන්ම අගය එකතු කළ කෘෂි නිෂ්පාදන මෙරට නිෂ්පාදනය කර හඳුන්වාදීම තුළින් දේශිය වෙළඳපොළ තුළ පමණක් නොව විදේශිය වෙළඳපොළ තුළද හොඳ ඉල්ලුමක් ලබාගත හැකි බවද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

වැවිලි ක්ෂේත්‍රය පුළුල් කිරීම මඟින් අපනයන අදායම මේ වසරේදි තවදුරටත් ඉහළ අගයක පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවත් “ගම සමඟ පිළිසඳරක් තුලින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහන හරහා 2021 අයවැය ජනතා සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කිරිමට අවශය සහය ලබාදෙන ලෙසත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් වැවිලි ක්ෂේත්‍රයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ,තේ හා රබර් වතු ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, පොල්,කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශය සහ උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්,කුරුඳු,කරාබුනැටි,බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ 2021 අයවැය යෝජනා අනුව ග්‍රාමීය මට්ටමින් වැවිලි ක්ෂේත්‍රය නගා සිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. මේ සඳහා රුපියල් මිලියන 9143ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන් කර ඇත.

අපනයන ගම්මාන 100 ඇති කිරීමේ වැඩසටහන, කුරුඳු ප්‍රවර්ධනය හා අගය එකතු කිරීම, ලංකා සීනි සමාගමේ ධාරිතාව ඉහළ නැංවීම, උක් වගාවේ ඵලදායීතාවය වැඩිදියුණු කිරීම සඳහා නව ප්‍රභේද 7ක් හඳුන්වා දීම, බඩ ඉරිඟු වගාව සංවර්ධනය කිරීමේ වැඩසටහන ,කජු වගාව සංවර්ධනය වැඩසටහන, කහ වගාව සංවර්ධනය වැඩසටහන ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙම වසරේදි අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තේ ක්ෂේත්‍රය තුළ සංවර්ධනයක් ඇති කිරීමට කුඩා තේ වතු හිමියන් සඳහා රුපියල් මිලියන 1400ක නැවත වගා කිරිමේ සහනාධාරයක් ලබාදීමටද යෝජිත අතර රුපියල් මිලියන 50ක නව වගා සහනාධාර ලබාදීමටද යෝජිතය. රබර් ක්ෂේත්‍රය තුළ නැවත වගාවන් සහ නව වගාවන් සඳහා කුඩා රබර් වතු හිමියන්ට රුපියල් මිලියන 1000ක සහනාධාර ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහන යටතේ උතුරු හා නැගෙනහිර පළාත්, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික් ආවරණය වන පරිදි තල් බීජ 830,000ක් වගාකිරීමටද යෝජිතය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ,අරුන්දික ප්‍රනාන්දු,ජානක වක්කුඹුර මහත්වරුන් ඇතළු රජයේ නිලධාරින් රැසක් සහභාගි වූහ.

Post Views: 5
Previous Post

සෞඛ්‍ය ඇමැතිනිය රත්නපුර රෝහල කොරෝනා වෛසරයෙන් ආරක්ෂා කිරිමට පියවර ගනි

Next Post

ගෝඨා යන්නෙත් රනිල්ගේ පාරේ – ජවිපෙන් චෝදනා

editor

editor

Next Post

ගෝඨා යන්නෙත් රනිල්ගේ පාරේ - ජවිපෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved