• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බල නොපාන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු

22 June 2022
in දේශීය

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බලපෑමක් නොවන පරිදි රාජ්‍ය සේවයේ නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට හැකි බව 14/2022 චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පවසයි.

ලේකම්වරයා මේ බව අනාවරණය කළේ “රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ නව චක්‍රලේඛය” මැයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම වැඩපිළිවෙල රජයේ නිලධාරීන් විදේශගත සේවයේ යෙදවීමට සකස් කළ එකක් නොවන බවත් විදේශ ගත රැකියාවක් කිරීමට අපේක්ෂිත යම් නිලධාරියෙක් වේ නම් රැකියා අවස්ථා ඔහු හෝ ඇය විසින්ම සොයා ගත යුතු බවත් ලේකම්වරයා අවධාරණය කළේය.

ඒ අනුව මෙම චක්‍රලේඛය විදේශගත වීමට අපේක්ෂා කරන නිලධාරීන්ගේ තනතුරේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි නිවාඩු ලබා ගැනීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම් සලකා නිකුත් කළ බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා මෙම අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් ආයතනවලින් රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියාවක නිරත වීමට අවශ්‍ය පුහුණුව ලබා දිය හැකි බව සඳහන් කළේය. භාෂා පුහුණුව හා වෘත්තීය පුහුණුව එමගින් සලසා දිය හැකිය. මේ සඳහා ඉඩ පහසුකම් හා සම්පත්දායකයින් වැඩිකිරීමට, දැනුම හැකි ඉක්මනින් ලබා දීමට ක්‍රියා කරගෙන යන බව අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන්නේය. ඒ ඒ රටවලට ඇති වෘත්තීය අවශ්‍යතාවන්ට අනුව අපේ පුහුණු වැඩසටහන් සැලසුම් කිරීමටත්, රැකියා ඉල්ලුම්කරුවන්ගේ අයැදුම්පත් පරීක්ෂා කිරීමටත් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Post Views: 7
Previous Post

වත්මන් ආණ්ඩුවට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්ති සහගත හෝ සාධාරණ අයිතියක් නැහැ – ජවිපෙ අනුර

Next Post

අද ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව විත්තිකරුවෙක් – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

අද ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව විත්තිකරුවෙක් - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved