27 April 2024
#දේශීය

ඉල්ලුමට අනුව සැපයුම නැති දේශිය කිරි පිටි

දේශිය කිරි පිටි නිෂ්පාදන වන මිල්කෝ කිරිපිටි වර්ග මෙ වන විට කොළඹ ප්‍රදේශයේ නොමැති බවත් මේ වන විට දේශිය කිරි පිටි පාරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

TTVnews.lk වෙබ් අඩවිය විසින් මේ සම්බන්ධයෙන් මිල්කෝ සමාගමෙන් විමසීමක් කළේය. එම සමාගමේ පාරිපාලන අධිකාරි සුදත් මුණසිංහ මහතාගෙන් විමසීමක් කල අවස්ථාවේදී ඔහු අප වෙත කියා සිටියේ කිරිපිටි ඉල්ලුමට සාපේක්ෂව සැපයුමක් ලබා දිය නොහැකි බවයි.

දෙසැම්බර් සිට මාර්තු කාලයේදී කිරි නිෂ්පාදනය ප්‍රමාණය අඩු තත්ත්වයක පවතින බව මුණසිංහ මහතා කියා සිටියේය. ඒ හේතුවෙන් මෙම කාලවලදී කිරි නිෂ්පාදනය අඩු වන බවත් එය මාර්තු මාස අවසානයේදී යථා තත්ත්වයට පත්වන බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් මේ වන විට දේශිය කිරි සඳහා ඉල්ලුම වැඩි වීමත් සමඟ මේ වන විට වෙලෙද පොළ තුළ කිරි පිටි හිඟ වී ඇති බව සුදත් මුණසිංහ මහතා අනාවරණ කළේය. ඉදිරි කාලයේදී මෙම තත්ත්වය පාලනය වනු ඇති බවත් මේ වන විට නිෂ්පාදනය ඉහළ දැමිමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *