එක්සත් රාජධානියේ වාර්ෂික ‘ලන්ඩන් ප්‍රයිඩ්’ (Pride in London) උළෙල මෙවර ජූලි 04 වනදාට යෙදී ඇති අතර, එය සමරමින් ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් (Sadiq Khan) මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. “අද ලන්ඩන් ප්‍රයිඩ් උළෙලේදී, ආදරය සැමවිටම වෛරය අභිබවා ජයග්‍රහණය කරන බව අප ලෝකයට පෙන්වා දෙනවා” යැයි ඔහු සිය නිල Twitter (X) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
1972 වසරේ සිට පැවතෙන මෙම ඓතිහාසික උළෙල වෙනුවෙන් මේ වන විට සමලිංගික, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික (LGBTQ+) ප්‍රජාව නියෝජනය කරන දේදුණු පැහැති ධජ සහ සැරසිලිවලින් ලන්ඩන් අගනුවර වීදි අලංකාර කර තිබේ. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ ජාතික ධජයට (Union Jack) වඩා වැඩි ප්‍රමාණයකින් මෙම සලකුණු නගරය පුරා ප්‍රදර්ශනය කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශවයන් අතර යම් කතාබහක් සහ සංවාදයක් ද නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















