27 April 2024
#දේශීය

වාණිජ බැංකුවල මහ බැංකුවේ තැන්පතු ප්‍රතිශතය පහත හෙලීමෙන් ණය දීමේ හැකියාව ඉහළට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

වාණිජ බැංකු සිය තැන්පතු ප්‍රතිශතය අනුව මහ බැංකුවේ පවත්වාගෙන යා යුතු සංචිත අනුපාතය 4% සිට 2% දක්වා පහත හෙලීමට මහ බැංකුව ගත් තීරණය වර්ධනාත්මක ආර්ථිකයකට මනා පිටිවහලක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම තීරණයට අනුව වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව වර්ධනය වන බවයි.

මෙරට වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව මේ අනුව රුපියල් බිලියන 200කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කලේය.

මේ හේතුවෙන් සංසරණ මුදල් ප්‍රවාහය ඉහළ යන අතර ඒ අනුව ඉල්ලුම ඉහළ යාම ආර්ථික වර්ධනයට ඉවහල් වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *