LPL ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඒ, සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමිනි.
තරග තුනකට සහභාගි වී එක් තරගයක් ජයගෙන ඇති කැන්ඩි රෝයල්ස් කණ්ඩායම දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත දෙවන ස්ථානයේ පසුවන අතර, කලම්බු කැප්ස් කණ්ඩායම තෙවන ස්ථානයේත්, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සිව්වන ස්ථානයේත් රැඳී සිටී. ජැෆ්නා කින්ස් කණ්ඩායම පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේය.
මේ අතර, ඊයේ පැවති තරගයකදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 43ක ජයක් අත්කර ගැනීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6කට ලකුණු 194ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 151ක් පමණි.














