• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

ලංකාවේ LTL අනුබද්ධ Asiatic සමාගම පිදුම් ලබයි

7 June 2018
in විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා ඉන්දියාවේ ඉන්ජිනේරුමය අපනයන ප‍්‍රවර්ධන මණ්ඩලය(EEPC) විසින් 2017-18 වසර සඳහා වූ විශිෂ්ටතම විදුලි සහ ඉලෙක්ට්‍රෝනික අපනයනකරු ලෙස ශී‍්‍ර ලංකාවේ සුවිශාලතම විදුලි බලශක්ති සමාගම වන LTL හෝල්ඩිංස් ලිමිටඩ්හි පූර්ණ හිමිකාරිත්වය සහිත ඒෂියැටික් ඉලෙක්ටි‍්‍රකල් ඇන්ඩ් ස්විච්ගියර් ලිමිටඩ් (Asiatic Electrical and Switchgear Ltd) සම්මානයට පාත්‍රවිය.

තම සමාගම ඒෂියැටික් සමාගම සමඟ අනුබද්ධවීමත් සමඟ නිෂ්පාදන මාලාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැතුණු හිඩැසක් සම්පූර්ණ වූ බවත්, අද වන විට ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ට‍්‍රාන්ස්ෆෝමර් සහ ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ස්විච්ගියර් එකිනෙකට සම්බන්ධ කරමින් බලශක්ති ප‍්‍රයෝජ්‍යතාවන් සඳහා අංගසම්පූර්ණ බලශක්ති බෙදාහැරීමක් ලබාදීමට හැකිව තිබෙන බවත් LTL හෝල්ඩිංස්හි ප‍්‍රධාන විධායක නිලධාරී යූ. ඩී. ජයවර්ධන මහතා පවසයි. ඉන්දියාවේ ඉන්ජිනේරුමය අපනයන ප‍්‍රවර්ධන මණ්ඩලය විසින් විදුලි සහ ඉලෙක්ට්‍රෝනික අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස ඒෂියැටික් ඇගයීමට ලක් කිරීම මඟින් තහවුරු වන්නේ 2016 වසරේදී මේ සමාගම සමඟ එක්වන්නට ගත් තීරණය නිවැරදි බව බවද ජයවර්ධන මහතා පෙන්වා දෙයි.

FIFA-2022 සඳහා සිදු කෙරෙන පෙර සූදානම් කටයුතුවල කොටසක් ලෙස ඒෂියැටික් සමාගම විසින් කටාර් වෙත මහා පරිමාණයෙන් විදුලි බෙදාහැරීම් යටිතල පහසුකම් සපයමින් සිටින බව බවත්, ඒ පිළිබඳව සමාගම ආඩම්බරයට පත්වන බවත් ඒෂියැටික් සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ අරූන් මල්ලා මහතා පවසයි.

ඉන්දියානු රජය විසින් අලූතෙන් ආරම්භ කරන ලද ‘ඉන්දියාවේ නිෂ්පාදිත’ වැඩසටහනට අනුකූල වන පරිදි මූලික වශයෙන්ම විදෙස් ආයෝජන දිරිගැන්වීම සඳහා මෙවැනි සම්මාන වැදගත් වන බැවින් මෙම සම්මානය ඒෂියැටික් සඳහා සුවිශේෂ වෙයි. ඉන්දියාවේ ඉන්ජිනේරුමය අපනයන ප‍්‍රවර්ධන මණ්ඩලය යනු ඉන්දියාවේ ප‍්‍රමුඛතම වෙළෙඳ සහ ආයෝජන ප‍්‍රවර්ධන ආයතනය වෙයි. ඉන්දියානු රජයේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් අනුග‍්‍රහය සපයනු ලබන එය ඉන්දියානු ඉන්ජිනේරු ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා කටයුතු කරයි. උපදේශන ආයතනයනක් ලෙස එය ඉන්දියානු රජයේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම සඳහා සකි‍්‍රය දායකත්වයක් සපයන අතර, ඉන්ජිනේරු කර්මාන්තය සහ රජය අතර අතරමැදියකු ලෙසද කටයුතු කරයි.

ඒෂියැටික් යනු ඉන්දියාවේ විශාලතම නිෂ්පාදක සමාගම් අතරින් එකකි. එමඟින් බලශක්ති ප‍්‍රයෝජ්‍යතා සඳහා අවශ්‍ය විදුලි උපාංග රැසක් නිෂ්පාදනය කෙරෙයි. ඒෂියැටික් සතුව රාජස්තාන්හි විශාල නිෂ්පාදනාගාරයක් සහ නවදිල්ලි නුවර ආයතනික ප‍්‍රධාන කාර්යාලයක්ද ඇත. හැත්තෑව දශකයේ ආරම්භයේ සිටම ඒෂියැටික් මධ්‍යම ප‍්‍රමාණයේ වෝල්ටීයතාවයෙන් යුතු ස්විච්ගියර් සැපයුම්කරුවකු ලෙස කටයුතු කර ඇත. අද වන විට එහි ප‍්‍රධාන වෙළෙඳ පොළවල් මැද පෙරදිග සහ අපි‍්‍රකාව වැනි රටවල ව්‍යාප්තව පවතී. එය එක්සත් අරාබි එමිරේට්ස්, කටාර්, කෙන්යාව, ඉතියෝපියාව සහ ඕමානය යන රටවල බොහෝ බලශක්ති ප‍්‍රයෝජ්‍යතා සඳහා අඛණ්ඩ සහ විශ්වාසදායී උපකරණ සැපයුම්කරුවකු වෙයි.

අපගේ ජාතික අවශ්‍යතා සඳහා අවශ්‍ය සියළු ට‍්‍රාන්ස්ෆෝමර් ශී‍්‍ර ලංකාව තුළම නිෂ්පාදනය කිරීම සඳහා වසර 35 කට වැඩි කාලයකට පෙර LTL හෝල්ඩිංස් ලිමිටඩ් පිහිටුවනු ලැබිණි. එය ප‍්‍රධාන වශයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට අයත්ය. LTL මඟින් ශී‍්‍ර ලාංකික ඉන්ජිනේරුවන් 300 කට අධික පිරිසක් ශී‍්‍ර ලංකාවේ සහ ලොව පුරා විවිධ ස්ථානවල සේවයෙහි යොදවා ඇත.

ගෙවී ගිය වසර ගණනාවක් පුරා බලශක්ති ජනනය (තාප, ජල සහ සුළං), සම්පේ‍්‍රෂණ අංශ සහ බලාගාර ඉදිකිරීම මෙන්ම වානේ සැකසීම වැනි විවිධ ක්ෂේත‍්‍ර ආශි‍්‍රත නිෂ්පාදන සහ භූ විද්‍යාත්මක විවිධාංගීකරණය සම්බන්ධ බහුවිධ ක‍්‍රමෝපායයන් ඔස්සේ කටයුතු කර ඇති LTL සුවිශේෂී පොදු පුද්ගලික සහයෝගිතාවක් බවට පත්ව ඇත. ලං.වි.ම. විසින් කරන ලද රුපියල් මිලියන 96 ක් පමණක් වූ ආයෝජනයට සාපේක්ෂව LTL විසින් ලං.වි.ම. වෙත මුළු අගය රුපියල් බිලියන 13 කට අධික වන ලාභාංශ එකතුවක් ප‍්‍රකාශයට පත්කර ඇත. LTL හි ව්‍යාපාර කටයුතු සිදු කෙරෙනුයේ ගෝලීය පදනමක පිහිටා සිටිමිනි. මේ වන විට LTL සමූහය ශී‍්‍ර ලංකාවෙන් බැහැර වෙනත් රටවල මෙගා වොට් 500 ට අධික බලශක්ති ප‍්‍රමාණයකින් සමන්විත බලාගාර ඉදිකරමින් සිටියි.

 

Post Views: 2
Previous Post

බැඳුම්කර සිද්ධිය ගැන කථානායක කරුණු පැහැදිලි කරයි

Next Post

කිර්තිව පැය 3360 ක් රවටලා

editor

editor

Next Post

කිර්තිව පැය 3360 ක් රවටලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

මුලු රටම බලන් හිටපු එකතු වීම අද සිද්ධ වුණා! PHOTOS

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved