සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු සහ තරුණියක් පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පොළොන්නරුව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරිණි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 72කට අධික ප්‍රමාණයක් සහ සැකකාර තරුණිය සන්තකයේ තිබී ග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. මොවුන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තරුණයා කටාන, හල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, තරුණිය කුලියාපිටිය, ඈඹව ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම මත්ද්‍රව්‍ය තොගය මොවුන්ට සැපයූ පුද්ගලයින් සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. සැකකරුවන් දෙදෙනා අද දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















