ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) මහතා රාත්‍රිය ගත කළ සිරියාවේ දමස්කස් නුවර පිහිටි ‘ෆෝ සීසන්ස්’ (Four Seasons) හෝටලය අසල අඟහරුවාදා දින බෝම්බ දෙකක් පිපිරී යාමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් පහකිරීමෙන් පසු යුරෝපා සංගමයේ රාජ්‍ය නායකයෙකු සිරියාවේ සිදුකරන ප්‍රථම නිල සංචාරය මෙය වන අතර, මෙම ප්‍රහාරයත් සමඟ එහි ආරක්ෂාව පිළිබඳ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත. කෙසේ වෙතත්, බෝම්බ පිපිරීමට සුළු මොහොතකට පෙර ජනාධිපති මැක්‍රොන්ගේ රථ පෙළ හෝටලයෙන් පිටත්ව ගොස් තිබූ අතර, ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැත. ආරක්ෂක අංශ මෙම බෝම්බ අක්‍රිය කිරීමට සූදානම් වන අවස්ථාවේදී ඒවා පිපිරී ගොස් ඇති බව සිරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















