යුක්රේනයේ සිවිල් ජනතාව සහ යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීම සඳහා එරටට අවශ්ය සියලු හැකියාවන් හා සහාය ලබාදීම අත්යවශ්ය බව ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසයි.
බෙල්ජියමේ බ්රසල්ස් නුවර පැවති යුරෝපා සංගම් සමුළුවට සමගාමීව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමඟ පැවති හමුවකින් අනතුරුව මැක්රොන් මේ බව සඳහන් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
රුසියාවෙන් එල්ල වන උත්සන්න වන පීඩනයට ප්රතිචාර සෙවීමේදී ප්රංශය ලබාදෙන සහාය යුක්රේනය අගය කරන බව සෙලෙන්ස්කි සිය Telegram පණිවිඩයක් මගින් ප්රකාශ කර තිබේ. මැක්රොන් සමඟ පැවති සාකච්ඡාවද ඔහු විස්තර කර ඇත්තේ ඉතා ඵලදායී සාකච්ඡාවක් ලෙසයි.
එළඹෙන මාසය තුළ යුක්රේනයේ ගුවන් සේවා ක්ෂේත්රයට තවදුරටත් සහාය ලබාදීමට ප්රංශය කටයුතු කරනු ඇති බවද සෙලෙන්ස්කි සඳහන් කර ඇත.
එමෙන්ම යුරෝපය සඳහා බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධතියක් සංවර්ධනය කිරීමේ FREYJA ව්යාපෘතියේ කටයුතු කඩිනම් කිරීමට දෙපාර්ශ්වය උනන්දුවෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.
















