මග්ගොන ප්රදේශයේ ප්රසිද්ධ ළමා නිවාසයකින් පලා යමින් සිටි ළමයින් තිදෙනෙකු ප්රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා පයාගල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
එම ළමුන් ඊයේ රාත්රි එලෙස පලා යමින් සිටියදී ප්රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇත්තේ අදාළ ළමා නිවාසයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරකින් පයින් යමින් සිටියදීය. මෙම ළමුන් 14 සහ 15 යන වයස් සීමාවල පසුවන බව නෙත් නිවුස් නියෝජිතයා පැවසීය.
තමන්ට ළමා නිවාසයේදී සිදුවන දැඩි හිංසන ඉවසාගත නොහැකිව ඉන් පලා යෑමට තීරණය කළ බව එම ළමුන් ප්රදේශවාසීන් හමුවේ ප්රකාශ කර ඇත.
අදාළ ළමුන් තිදෙනා අද දිනයේ කළුතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පයාගල පොලිසිය සඳහන් කළේය.














