කැළණිය පොලිස් කොට්ඨාසයට අයත් මහබාගේ පොලිස් ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ. එහිදී රථවාහන අංශය, විවිධ පැමිණිලි අංශය, අපරාධ විමර්ශන අංශය, දූෂණ මර්දන අංශය සහ ළමා හා කාන්තා කාර්යාංශය ඇතුළු සියලුම අංශයන්හි රාජකාරි කටයුතු හා පවතින අඩුපාඩු පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.
මෙම පරීක්ෂාවේදී පොලිස් ස්ථානයේ ගොඩනැගිලි හා භෞතික පහසුකම් මෙන්ම නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවද සොයා බලා ඇති අතර, අනාවරණය වූ ගැටලු කඩිනමින් නිවැරදි කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස මහබාගේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත උපදෙස් ලබා දී තිබේ. එසේම, හඳුනාගත් අඩුපාඩු නිවැරදි කිරීමෙන් අනතුරුව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය පිළිබඳව තමා වෙත වාර්තා කරන ලෙසද වැඩිදුරටත් උපදෙස් දී ඇත.














