එල්නිනෝ කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේදී මතුවිය හැකි නියඟයන්ට මුහුණ දීම සඳහා ජල සම්පාදන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරයි.
එල්නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආරක්ෂක අමාත්‍යාංශය මඟින් පසුගිය අගෝස්තු 6 වැනි දින මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, නියඟයෙන් බලපෑමට ලක්වන ප්‍රදේශවලට ජල පහසුකම් සැපයීම සඳහා වඩාත් ඉක්මන් හා පහසු මැදිහත්වීම් සිදුකිරීමට හැකි වන පරිදි අවශ්‍ය නීති රෙගුලාසි මඟින් එය සවිමත් කර තිබේ.














