මහර බන්ධනාගාර පරිශ්‍රය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ බන්ධනාගාරය අසල යළිත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
රැඳවියන් බැලීමට පැමිණ සිටි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත. එම අවස්ථාවේදී පිරිස විසින් ආරක්ෂක අංශ නිලධාරීන් වෙත ගල් ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ජල ප්‍රහාරක රථ ද බන්ධනාගාරය ඉදිරිපිටට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ. මීට පෙර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමකින් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර තිබිණි.














