මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (02) මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.එහිදී රැඳවියන් විසින් මහර බන්ධනාගාරය තුළ සිදු කළ අලාභ හානි සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ අතර, ඒ අනුව බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල සහ කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ බන්ධනාගාර රෝහල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මේ අතර අදාළ නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














