මහරා බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණ අද (03) සිදුකෙරෙමින් පවතින බව පොලිසිය පවසයි.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (02) සිදු කර ඇති අතර, අගෝස්තු 01 වැනි දින හටගත් මෙම නොසන්සුන්තාව හේතුවෙන් රැඳවියන් 104 දෙනෙකු දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව සහ පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත. මෙම ගැටුමෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 10 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි. බන්ධනාගාර දේපළවලට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 150 ඉක්මවන අතර, අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අද සිට දින තුනක් සඳහා රැඳවියන් බැලීමට පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇත.














