මහවැලි ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් කොණ්ඩසාලය, බලගොල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව දැඩි රොන්මඩ තත්ත්වයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් එම පවිත්‍රාගාරයෙන් ජලය ලබා ගන්නා ප්‍රදේශ රැසක ජල සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපහණ මණ්ඩලය පවසයි.
පවතින තත්ත්වය මත කොණ්ඩසාලය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට මේ වන විට ජලය සැපයෙන්නේ ඉතා අඩු පීඩනයක් යටතේ වන අතර, ඇතැම් උස් ප්‍රදේශවලට ජලය කිසිසේත්ම නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇත. නියං කාලගුණයත් සමඟ ගඟේ ජල මට්ටම අඩුවීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ.














