පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම පහත බැසීම නිසා දිගන ප්‍රදේශයට ජලය බෙදාදීමේ දුෂ්කරතාවක් මතු වී තිබේ. මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මහනුවර දිසාපතිවරයා කළ ඉල්ලීමකට අනුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධ හමුදා භටපිරිස් මැදිහත් වී 2026 අප්‍රේල් මස 07 වනදා සිට 11 වනදා දක්වා කාලය තුළ වැලි කොට්ට 5,000කට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් මහවැලි ගඟ හරහා තාවකාලික බැම්මක් ඉදිකර තිබේ. මෙම බැම්ම මගින් ජල මට්ටම ඉහළ නංවා දිගන ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.














