සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) අතර ඇති වන එකමුතුව සම්බන්ධයෙන් කිසිදු සැකයක් (Doubt) හෝ වාදයක් නොමැති බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය යනු පුද්ගලයින්ගේ නඩු කෑලි ගලවා ගැනීමට ඇති තැනක් නොවන බවත්, රටේ පොදු ප්‍රශ්න වෙනුවෙන් එකට එකතු වී කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි. දෙපක්ෂය අතර ඇති සම්බන්ධතාවය කෙතරම් සුවපත්ද යත් තමන්ට දැන් වුවද සිරිකොතට ගොස් තේ පැන් සංග්‍රහයකට එක්විය හැකි බවත්, සිරිකොත පිරිසටද මෙහි පැමිණිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
තමන් මාලිමාව මෙන් ලක්ෂ කෝටි ගණන් වියදම් කරමින් ප්‍රචාරණ කටයුතු නොකරන බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක බැහැලා වැඩ කිරීමට හැකියාව ඇති, කන බොන සියලු දේ එකට බෙදාගෙන කටයුතු කරන තරුණ කණ්ඩායමක් තමන් සමග සූදානමින් සිටින බවත් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














