27 April 2024
#දේශීය

ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයෙහි නිරීක්ෂණයට මහින්දත් දුමින්දත් එක්වෙයි

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එහිදී එම ආයතනයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වෘත්තීය සමිති නායකයින් හා සේවක මහත්ම මහත්මීන් සමඟ සාකච්ජාවකද නිරත වූහ.

එහිදී ආයතනයේ සංවර්ධනය සඳහා පවතින ගැටළු සහ සේවකයන්ගේ ගැටළු පිළිබඳවද සාකච්ඡා කිරීම සිදු විය.අනතුරුව ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නව ඇඹරුම් යන්ත්‍රයක් ඉදි කිරීම සඳහා කැප වී ක්‍රියා කළ සේවක මහතුන් ඇඟයීම සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද අමාත්‍ය මහින්ද අතින් සිදු කෙරිණි.

රසායනික පොහොර භාවිතය අඩු වීම හේතුවෙන් පොස්පේට් අලෙවියේ අඩුවක් සිදු වූ බවද එහි නිලධාරීන් පෙන්වා දුන්හ.ආයතනය මේ වන විට කඩා වැටෙමින් පවතින බවද ඔවුන් පෙන්වා දුන්හ.ආයතනයේ පඩි ගෙවලා ආයතනය පවත්වාගෙන යන්න ටොන් 4000 කට වැඩිය විකිනිය යුතුයි.නමුත් ගිය මාසේ ටොන් 558 යි. එන්න එන්න අපි පාඩු ලබනවා.මේ යන තත්වයට පොස්පේට් එක යන්න බෑ යැයි සේවකයින් පැවසීය.

එහිදී අදහස් පල කල අමාත්‍ය මහින්ද අමරවීර මහතා ” අපිට ටී.එස්.පී ගේන්න රටක් හොයා ගන්න බෑ,.ඒ නිසා ටී.එස්.පී / එස්.එස්.පී මෙහෙ හදන්න ක්‍රමයක් හදා ගත යුතුයි.ඒ සඳහා සාකච්ජා කෙරෙමින් පවතිනවා.පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩ පිළිවෙල කරන්න වෙන්නේ.ලෝකයේ ගොඩක් රටවල් ටී.එස්.පී පාවිච්චි කරනවා, ඒ අනුව අපනයනය ඉලක්ක කර ගෙන නිෂ්පාදනයක් කරන්න ඔ්න.පොස්පේට් ආයතනයට අයිතිය තියා ගෙන පෞද්ගලික අංශය සමඟ එකතු වෙලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමු යනුවෙනි.

එහිදී සේවකයින් කියා සිටියේ, ආයතනයේ ආදායම් පහළ ගොස් වියදම් ඉහළ යමින් පවතින බවයි.මේ යන විදිහට ගියොත් ආයතනය කඩා වැටෙනවා. බෑග් ටෙන්ඩර් යන්නේ හැමදාම අත-යට, කෝටි ගණන් බෑග් ටෙන්ඩරයෙන් හැම අවුරුද්දකම ගසා කනවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.ඒ වගේම ආයතනයේ අනියම් සේවකයෝ විශාල පිරිසක් ඉන්නවා.දවසට රුපියල් 975 ක පඩියට ඉන්නේ.ඒ අය ස්ථිර කිරිමේ වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද එහිදී අමාත්‍යයවරයා පැවසීය.

මෙම අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුලු පිරිසක් එක් විය.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *