22 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් මේ අවස්ථාවේ රටට වැදගත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩුවට කළ යුතු වැඩ බොහෝ ඇති බවත්, ඒවාට ප්‍රමුඛත්වය දී ජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ කොටස අවසන් කර ඕනෑම වගන්තියක් ගෙන ඒම ගැටලුවක් නොමැති බවත්ය. කෙසේ වෙතත්, සැබෑ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා නොකර ආණ්ඩුව මේ මොහොතේ අනවශ්‍ය දේ සිදු කරමින් සිටින බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















