වර්තමානයේ ජනතාව ජීවත් වීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටින බවත්, දෛනික ආහාර වේල සපයා ගැනීම පවා අද වන විට විශාල අර්බුදයක් බවට පත්ව ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
අද (13) කළුතර ප්‍රදේශයේ පැවති උපහාර උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. රට පවතින මෙම අසීරු තත්ත්වයෙන් මුදවා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාවක් සහ ශක්තියක් පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
“ශක්තියක් තියෙනවා, අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්නම්,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.















