27 April 2024
#දේශීය

අද නොනිදන රැයක් – හිටපු ජනපති මහින්ද කියයි

රට බෙදන්න හොර පනත් ගෙනෙන වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (05) කොළඹ, ලේක්හවුස් වටරවුමේ පැවැත් වෙන “ජනබලය කොළඹට“ ජන රැළිය අමතමින්.

අද වන විට ජනතාවට හැම අතින්ම පිඩාවට ලක්වීමට සිදුව ඇති බව ද ඔහු කියා සිටියේය.

අද වන විට පළාත් සභා මැතිවරණයක් හෝ ජනතාව ඉදිරියේ පැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

විපක්ෂයේ කාර්ය බාරය ලෙස ජනතාව සමඟ එක්ව අද දිනයේ මහ පාරේ සිටින්නේ මෙම ආණ්ඩුව පෙරළා දැමීමට බවත් එයට සියලු දෙනාට එක් වෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

පහුගිය කාලයේ තමා විසින් ත්‍රස්ථවාදය තුරන් කළ බවත්, එනිසා අද සියලු දෙනා එය භුක්ති විඳින බවත් පැවසූ රාජපක්ෂ මහතා ඒ සිදු කළ කර්තවය පිළිබඳ සිතා අද දිනයේ සත්‍ය ක්‍රියාවක් සිදු කරන බවත්, එහි ආනිසන්ස බලයෙන් ආණ්ඩුව පෙරළා දැමීමට හැකි වෙනු ඇති බව තමා විශ්වාස කරන බවත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *