මහියංගන පොලිස් වසමේ අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී 2026 සැප්තැම්බර් 10 වන දින රාත්‍රී කාලයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහියංගන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අපේපුර, මාඔයඩවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි. ඝාතනයට හේතුව සහ එය සිදු කළ සැකකරු කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සඳහා අදාළ ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














