බුලත්සිංහල පොලිස් වසමේ යෝතයල්ගම ප්රදේශයේදී 2026 සැප්තැම්බර් 10 වන දින පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් ඉඩමක කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කැණීම් සඳහා යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව බුලත්සිංහල පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට පත් වී ඇත්තේ වයස අවුරුදු 35 සහ 50 අතර වයස්වල පසුවන බුලත්සිංහල සහ හොරණ ප්රදේශවල පදිංචිකරුවන් පිරිසකි. සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














