භාණ්ඩාගාරයේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂ මහතාගේ මරණය සාමාන්‍ය සියදිවි නසාගැනීමක් නොව, එය සංවිධානාත්මකව සිදු කරන ලද සැලසුම් සහගත ක්‍රියාවක් බව නිදහස් නීතිඥයන්ගේ සංගමයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
මෙම මරණය සම්බන්ධයෙන් පවතින සැකසහිත පසුබිම හමුවේ එය හුදෙක් පුද්ගලික තීරණයක් ලෙස සැලකිය නොහැකි බවත්, මූල්‍ය වංචාවන් වසා ගැනීම සඳහා කළ සැලසුම් සහගත වැඩක් බව පෙනෙන්නට ඇති බවත් ඔහු සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ද මෙහිදී දැඩි විවේචනයට ලක් වූ අතර, අදාළ ගෙවීම් දස වතාවක්ම වැරදීමකින් සිදුවූ බව පැවසීම හාස්‍යජනක බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙවැනි වංචාවන් යටපත් කිරීමට ඉඩ නොදිය යුතු බවත්, ජාතික ජන බලවේගය ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවත් මෛත්‍රී ගුණරත්න මහතා අවධාරණය කළේය. ස්වාධීන සහ සමාජ මාධ්‍ය මැදිහත් නොවන්නට මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සහ අභිරහස් මරණය මේ වන විටත් යටපත් වීමට ඉඩ තිබූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.














