27 April 2024
#දේශීය

ගොවියාට හොඳටම විණ කලේ මෛත්‍රියි – රාජ්‍ය අමාත්‍ය රොෂාන්

ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වුනේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා අයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඊයේ (11 දින) වැඩ බාර ගැනීමේ උත්සවයෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය ” මෛත්‍රිපාල සිරිසේන මහතා දේශපාලනඥනයෙක් විදිහට එතුමා ආණ්ඩුව නියෝජනය කරනවාද නැතහොත් විපක්ෂය නියෝජනය කරනවාද කියලා. කුමන්ත්‍රණ එළියට එනවා. මේවා කතා කල යුත්තේ අභ්‍යන්තරයෙන්. ආණ්ඩුවක් ඇතුලේ ඉන්න කොටසක් හැටියට එතුමා කණ්ඩායම් රැස්වීමෙදී කතා නොකර එක එක මාධ්‍ය වලට මේ වාගේ ප්‍රකාශන දෙනවා. කෘෂීකර්මන්තයේ ඛේදවාචකය ඇති වුනේ යහපාලන ආණ්ඩුව කලේ. එතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ. එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන් පොහොර සහනාධාරය කප්පාදු කලා , ජනතාවට කඹුරු වැඩට අවශ්‍ය වතුර ටික නැතුව ගියෙත් එතුමාගේ කාලේ. මහින්ද රාජපක්ෂ මහතා 2015 යනවිට ගබඩා වල ඉඩ නැහැ කියලා ගුවන්තොටුපලෙත් වී ගබඩා කලා. වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කිරීමේ වගකීම හිටපු ජනාධිපතිතුමා බාර ගත යුතුයි.

එම නිසා ගොවියට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වුණේ ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. හොඳ තීන්දුවක් අරන් තියෙනවා ජනාධිපතිතුමා කාබනික වගාව දියුණු කරන්න. ආනගත පරපුර සුරක්ෂා කරන්න. රාසායනික පොහොර අපි පුළුවන් තරම් අඩුකරගෙන යන්න ගත්තේ හොඳ තීරණයක්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයට අපි කියනවා ගේ ඇතුලේ කතා කරන්න තියෙන එක පිටත කතා කරලා පරිණත දේශපාලඥනයෙක් විදිහට දුර්වල ස්වරූපයක් ගෙන එන්න එපා කියලා. යම් හානියක් ගොවියාට සිද්ධ වුනොත් අපි රජයක් විදිහට එම හානිය ගෙවන්න බලාපෙරොත්තු වෙනවා.යැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *