27 April 2024
#දේශීය

මෛත්‍රිපාල නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැට බදි

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇමැති ධුර ගත්තොත් සියළු තනතුරුවලින් ඉවත් කරන බව එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූයේ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්‍ෂයක් ලෙස සහය දැක්වීමයි.

අදාළ එම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබාගන්නා යම් මන්ත්‍රීවරයෙකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කළ යුතු යැයි මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය වු අතර ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරු වලින් ඉවත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කල නිවේදනයේ සඳහන්ව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *