ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානී ධුරයේ රාජකාරී කටයුතු ඊයේ (01) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් භාර ගත්තේය.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැවැති උත්සවයකදී මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් ඔහු සංකේතාත්මකව නව ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරාල් ප්‍රේමරත්න මහතා, මෙම උසස්වීම ලැබීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළේය. ඔහු දැනට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධුරය ද හොබවනු ලබයි.
















