• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ස්වයංපෝෂිත ගම්මාන රට පුරා කිරීම රජයේ ව්‍යායාමයයි – අගමැති

25 August 2022
in දේශීය

අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදීමේ පැරකුම් සංකල්පය මේ මහ පොළව තුළ පැල කර, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ස්වයංපෝෂිත ගම්මාන රට පුරා කිරීම අපගේ වගකීම බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (25) දින උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු යන පළාත් 7ක, දිස්ත්‍රික්ක 15ක, පානීය ජල අපහසුතා පවතින ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතන සඳහා රුපියල් මිලියන 490 ක වියදමක් දරා පානීය ජල බවුසර් රථ 35 ක් බෙදා දීමේ අවස්ථාවට කොළඹ ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේදී එක්වෙමිනි.

යාපනයේ ඩෙල්ෆ්, වව්නියාවේ දකුණ සිංහල ප්‍රා.ස., වෙංගලචෙට්ටිකුලම් ප්‍රා.ස., මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රා.ස., මන්නාරම ප්‍රා.ස., කිලිනොච්චියේ පූනකරි ප්‍රා.ස. මෙන්ම ත්‍රිකුණාමලයේ පදවි ශ්‍රීපුර ප්‍රා.ස., මොරවැව ප්‍රා.ස., ගෝමරන්කඩවල ප්‍රා.ස., මඩකලපුවේ පෝරතිව්පත්තු ප්‍රා.ස., මන්මුනේ නිරිත ප්‍රා.ස., මන්මුනේ බටහිර ප්‍රා.ස., කෝරළේපත්තු උතුර ප්‍රා.ස., අම්පාරේ ආලයඩිවෙම්බු ප්‍රා.ස., මහඔය ප්‍රා.ස., ලාහුගල ප්‍රා.ස. වෙතද මෙම බවුසර බෙදා දුන්නේය.

එමෙන්ම අනුරාධපුරයේ පලාගල ප්‍රා.ස., මැදවච්චිය ප්‍රා.ස., කැබිතිගොල්ලෑව ප්‍රා.ස., මධ්‍යම නුවරගම්පළාත ප්‍රා.ස., කහටගස්දිගිලිය ප්‍රා.ස., ගලෙන්බිඳුනුවැව ප්‍රා.ස., ගල්නෑව ප්‍රා.ස., රාජාංගනය ප්‍රා.ස., පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රා.ස. මෙන්ම පුත්තලමේ කරුවලගස්වැව හා නවගත්තේගම ප්‍රා.ස.වෙතද බවුසර ලබාදීමට කටයුතු කෙරිණි.

මීට අමතරව මහනුවර- මිනිපේ, මාතලේ- අඹන්ගඟකෝරළේ, ලග්ගල,පල්ලේගම, විල්ගමුව, බදුල්ල- බණ්ඩාරවෙල, සොරණාතොට, මොනරාගල- සියඹලාණ්ඩුව, හම්බන්තොට- ලුණුගම්වෙහෙර යන ප්‍රා.ස. වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ජල බවුසර බෙදා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” අපේ ශිෂ්ටාචාරය ජලය මත ගොඩනැගුනු එකක්. පැරකුම්බා රජුගේ වචනය වන, මහපොළවට වැටෙන කිසිඳු ජල බිංදුවක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩ නොදිය යුතුයි. ඒ නිසා අපට විශාල අභියෝගයක් තිබෙනවා, ආහාර නිෂ්පාදනයට, කෘෂිකාර්මික වගාවට ප්‍රමුඛත්වය ලබා දී ස්වයංපෝෂිත ගම්මාන රටපුරා ඇතිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට. ඈත එපිට ප්‍රදේශ වල පානීය ජලය ලබා ගැනීම දුෂ්කර පළාත් පාලන ආයතන සඳහා මෙම වැඩසටහන මගින් ජල බවුසර රථ ලබා දීමට අපි තීරණය කළා. ඒ වාගේම පානීය ජලය රැගෙන යන මේ ජල බවුසරය අදාළ පළාත් පාලන ප්‍රදේශ‍යෙන් පිටතට හදිසි අවස්ථාවට රැගෙන යන පරාර්ථකාමී හැඟීමද ක්‍රියාවට නැංවිය යුතුයි. නවීන උපකරණවලින් සමන්විත බවුසර රුපියල් මිලියන 500 න් එහාට ගිය සම්පත් ජාලාවක්. එම සම්පත් නඩත්තු කර, ආරක්ෂා කර, ජනතාව වෙනුවෙන් සේවයට යොදවන ලෙස සියලු පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා .ජනතාවගේ පානීය ජල ගැටළුවට විසඳුම් ලබා දීමට පසුගිය රජයන් විවිධ ව්‍යාපෘතින් හඳුනාගෙන ආරම්භ කළත් ඒ සමහර ව්‍යාපෘතීන් අතරමග නැවතී තිබෙනවා.අපි රජයක් ලෙස මේ වන විට අවධානය යොමු කර තිබෙනවා, මේ අතරමග නැවතී ඇති එම ව්‍යාපෘති යළි සක්‍රීය කොට වැඩ අවසන් කිරීමට. මමත් පසුගිය රජයන්වල ජල සම්පාදන අමාත්‍යවරයෙකු විදියට කටයුතු කරල තියෙනවා.මම ඒ නිසාම දන්නවා උතුර ,නැඟෙනහිර පළාත්වල පවතින ජල ගැටළුව. කොහොම වුනත් අද මේ ගන්නා වූ ප්‍රයත්නයත් ඒ ප්‍රදේශවල ජනතාවගේ ජල ගැටළුවට විසඳුම් ලබා දීමට ඉවහල් වේවී කියල මම කල්පනා කරනවා. අලුත් අදහස්වලින් පිරුණු, අලුත් අභියෝග ජයගන්නා කාලයකට පිවිසෙන්න අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා හැටියට අපි සූදානම් ” යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

 

මෙම අවස්ථාවට, නිමල් සිරිපාල ද සිල්වා, , මහින්ද අමරවීර , ඩග්ලස් දේවානන්ද , කෙහෙළිය රඹුක්වැල්ල , නසීර් අහමඩ් යන අමාත්‍යවරු, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මෙන්ම පා. ම. වන විමලවීර දිසානායක , ඩී වීරසිංහ, අනුරාධ ජයරත්න , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , රෝහණ දිසානායක ශෂීන්ද්‍ර රාජපක්ෂ, කපිල නුවන් අතුකෝරළ , කාදර් මස්තාන් යන මහත්වරු සහභාගි වූහ. එමෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ ඇතුළු නිලධාරීහු සහ ඒ ඒ ප්‍රා.ස.වල සභාපතිවරු එක්ව සිටියහ.

Post Views: 13
Previous Post

වත්මන් අර්බුධයට හේතුව රාජපක්ෂ පවුලේ සාපකාරී පාලනයයි – විපක්ෂ නායක සජිත්

Next Post

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 31 වනදා

editor

editor

Next Post

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 31 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved