• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන වෙනස ඇති කරනවා – දිලිත් ජයවීර

19 February 2024
in දේශීය, පුවත්
ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන වෙනස ඇති කරනවා – දිලිත් ජයවීර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන, සමාජ, ආර්ථික වෙනස ඇති කිරීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පසුගිය 17 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ මව්බිම ජනතා පක්ෂයේ සහභාගී වෙමිනි.

එහිදී පැමිණ සිටි දහස් ගණනක ජනතාව ආමන්ත්‍රණය කරමින් දිලිත් ජයවීර මහතා ”මම දේශපාලනයට එන්න හිටි පුද්ගලයෙක් නෙමෙයි. නමුත් අපි විවිධ පුද්ගලයින්ට දේශපාලන ප්‍රවාහයන් විශ්වාස කරමින් සහයෝගය ලබා දුන්නා. අකමැත්තෙන් පය ගැහුවත් ඉතාම කැමැත්තෙන් මම දැන් මේ ගමන ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන්, මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යන්නවා. අපි මීට පෙර කාට සහය දැක්වුවත් ඒ විශ්වාසයක් මත පදනම්වයි ඒ දේ කලේ. ඒ වෙන කිසිවක් නොවෙයි. මේ ආදරණීය ශ්‍රී ලංකාව කවද හරි දවසක ගොඩනගා ගෙන දියුණු රටක් බවට පත් කර ගන්නට හැකිවේවි යන විශ්වාසය.

නමුත් අපි දැන් මව්බිම ජනතා පක්ෂයේ අපේ මේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඒ වගේම ඉතාමත්ම තරුණ කොටස් එක්ක ඔක්කොම එකතුවෙලා කණ්ඩායමක් හැටියට ලංකාවේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදු කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරමින් ඉන්නවා. අපිට දැනෙනවා මේ රටට දැන් හොඳටම මහන්සියි. ගොඩක් අමාරුයි. ඔබට බොහොම පැහැදිලිව ඔප්පු වී තිබෙනවා මේ රට අවුරුදු 75ක් තිස්සේම ඉදිරියට යා හැකි දර්ශනයක් මත පදනම් නොවූ දේශපාලනයක් කරපු නිසා තමයි අද අපිට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ කියන එක. මේ රටට, ඔබ සියලු දෙනාගේම ජීවිතවලට වහාම දැනෙන වෙනස ක් සිදුවන විප්ලවීය වෙනසක් සිදු කල යුතුව තිබෙනවා. අපිට වැරදුනු ප්‍රධානම තැන අපි හැමදාම ආණ්ඩු ගෙනාවේ තවත් ආණ්ඩුවක් පෙරලන්න. එහෙම නැත්නම් තවත් ආණ්ඩුවක වැරදි කියාගෙන. නමුත් අපි එන්නේ රටත් ඔබත් ඉදිරියට ගෙනයන ජීවිතය නගා සිටුවන ලෝකයේ සියලුම දියුණු රටවල් භාවිතා කරන ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පයත් එක්ක. මේ රටට නැවත එක තැන පල්වෙන රටක් නොවෙයි. වඩා වේගවත්ව ඔබේ ජීවිතය දියුණුව කරා ගෙන යන විද්‍යාත්මක හා ප්‍රයෝගික වැඩ පිළිවෙලක් එය.

මේ රටේ සිටින සියලුම නිර්මාණශීලි පුද්ගලයින් එකට එකතු කරගත් ඔබගේ ආත්ම ශක්තියෙන් ඔබගේ ධෛර්යයෙන් ඒ වගේම ශ්‍රී ලාංකික අපිට හැමදාම තිබුණු ඒ නිර්මාණශීලීත්වයෙන් සංවර්ධනය කර යන ගමනක් අපට තිබෙන්නේ. අපි ප්‍රලාප කියන්න නෙමෙයි ජනතාව රැස් කරන්නේ. ප්‍රලාප අසන්නට වත් මඩ රස විදින්නවත් නොවෙයි ජනතාව අප වටා රැස් වන්නේ. මේ ඔබේ ජීවිතය වෙනස් කරන දින වකවානු සහිත සැලසුම් සහගත වැඩ පිළිවෙලක්. අන්න ඒ ප්‍රයෝගික ක්‍රමවේදය සමගයි ඔබ සැම එකතු වෙලා ඉන්නේ. මේ කොළඹ ජනතාව වගේම මුළුමහත් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම පාට පක්ෂ ආගම් ජාති බේදයකින් තොරව එම වැඩපිළිවෙල හා එක්වන බව අපි විශ්වාස කරනවා. එම වැඩ පිළිවෙල ඔබට ප්‍රතිෂේප කල නොහැකි සාර්ථක මේ රට ගොඩ නැංවිය හැකි එකම ආදරණිය, ගෞරවනීය විසඳුම බව ඔප්පුකර පෙන්වනවා. එය නිසි වෙලාවට ඔබ හමුවේ තැබීමට අපි සුදානම්.

මේක නග්ගලා ගන්න පුළුවන් රටක්, නැගී සිටින්නට බලාගෙන ඉන්න, නැගිසිටින්නට පෙරමුණ ගන්නට තරුණ පරම්පරාවක් සිටින රටක්. ඒ සියලු දෙනාට නායකත්වය දෙන්න ඔවුන් එක පොදියට රටත් සමඟ නාගා සිටුවන්නට අපි සුදානම්. රතුපාට, රෝස පාට ඔය මොන පාටින් ආවත් වෛරයනම් වපුරන්නේ මේ රට යන්නේ ආපස්සට. අපි කියන්න කැමතියි වෛරය වපුරන සියලු දෙනාටම අපි ආදරණිය පක්ෂයක්. අපි හෘදයාංගම පක්ෂයක්. තවදුරටත් වෛරය මත පදනම්ව දේශපාලනය කරලා මේ රට විනාශ කරන්න එපා. අපි සුදානම ඔබේ වෛරයට ආදරයෙන් පිළිතුරු දෙන්න. මේ රටේ මව්බිම ජනතා පක්ෂය හැර සියලුම අනෙකුත් පක්ෂ මේ රටේ අහිංසක ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ පක්ෂ, ඔවුන් ඔබේ කඳුළු සතපහකට ගණන් නොගත් පක්ෂ, ඒ නිසයි ඔවුන් ඔබ වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි තැන සිට නොගන්නේ.

අපේ මේ නිර්මාණශීලී ප්‍රවේශය දෙස විමසිලිමත්ව ඔබ බලන්න. අපි මේ සම්ප්‍රදායික දේශපාලනය අවසන් කල යුතුයි. එකෙන් අදහස් වන්නේ නෑ සංකල්පයක් හැටියට අපි කතා කරන මේ දෙසිය විසිපහම එපා කියන එක හරියි කියලා. මම හිතන්නේ ඔවුනුත් එකතු කරගන්නට පුළුවන්නම් තැනක් වේ නම් අපගේ වැඩ පිළිවෙලට එකතු වෙන්න. අපි බලමු කොහොමද අපි එකතුවෙලා ගමනක් යන්නෙ කියලා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මිත්‍රවරුනේ වෙන සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට අපි මේ මුක්කු ගහනවා කියලා. අපිට එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ. මේ වැඩ පිළිවෙළ අපේ මව්බිම වෙනස් කරන්නට කැපවෙන වැඩපිළිවෙලක්. එතෙන්ට ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. හැබැයි අවංක හදවතින් පමණයි.

අපි එක්ක එකතුවෙලා ඉන්න මේ තාරුණ්‍ය ශක්තිමත්, නිර්මාණශීලි, ධෛර්ය සම්පන්න පරපුරේ බොහොමයක් දෙනා මම හඳුනාගත්තෙ මේ අරගල කාලයේදී. මම කියන්නේ සද්භාවයෙන් අරගලයට සම්බන්ධ පුද්ගලයින් ගැන මිසක් දේශපාලන උවමනාවලට එතනට ආපු අය නෙවෙයි. රතු, රෝස පක්ෂවල දේශපාලන උවමනාවට මිනිස්සුන්ට නිවන් සුව පතන සමාජ මාධ්‍ය සංස්කෘතියෙන් එළියට ඇවිල්ලා අපි ප්‍රාර්ථනය කරමු සතුටු දැයක් නිර්මාණය කරගෙන සන්තෝසෙන් ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරගමු කියලා.එහෙම නැතුව මිනිසුන්ගේ මරණය ප්‍රාර්ථනා කරමින් කොමෙන්ටු ගහමින් මේ කොමෙන්ටු බලකාය හදලා මේ තාරුණ්‍යය වෙත ගෙන යන සෘණාත්මක චින්තනය කිසිසේත්ම මේ රට ගොඩ යන මාර්ගයක් නෙමෙයි.

ඒ වගේම හොරු අල්ලනවාය කියන සටන් පාඨ වලින් එළියට එන්න. මේ රට දූෂණයෙන් මුදා ගැනීමට නම් අපි මේ මූණ දෙන මේ දූෂණයේ විෂම චක්‍රයෙන් එළියට එන්න නම් අපි සතුටින් සිටිනට කැමති ජාතියක් හැටියට අභිප්‍රේරණය වෙමින් එයට මුහුණ දිය යුතුයි. හොරු එකා එකා අල්ලන්න, හොරු අල්ලගෙන ගිහිල්ලා හොර බඩු ටික හොයාගෙන මේ රට ගොඩ දාන්නට බැහැ. ඒක බොරු කතාවක්.

පුද්ගලිකව දිලිත් ජයවීර වන මමවතත් මව්බිම ජනතා පක්ෂයවත්, රටේ ජනතාවගෙන් කිසිම භෞතික දෙයක් බලාපොරොත්තු වෙන කණ්ඩායමක් නෙමෙයි. ඒ නිසා ඔබට අපි ගැන විශ්වාසය තබන්නට පුළුවන්. මේ ශ්‍රී ලාංකික දේශපාලනයේ අවුරුදු 75ක් තිස්සේ දිගින් දිගට ම දූෂණය වූ දේශපාලනය අවසන් කරමු යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,548
Previous Post

ජනාධිපතිවරණයට වංගු දැම්මොත් පාරට බැහැලා පාලකයින් පන්නා දමනවා – ජවිපේ ලේකම් ටිල්වින්

Next Post

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයෙන් ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් – සභාපති විනෝද්

editor ttvnews

editor ttvnews

Next Post
ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයෙන් ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් – සභාපති විනෝද්

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයෙන් ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් - සභාපති විනෝද්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved