නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා සිය සංචාරය නිමා කරමින් අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. එමෙන්ම, වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා හෙට (07) දිවයිනට පැමිණීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වියට්නාම ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම, වෙළඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡා පවත්වනු ඇත. රාජ්‍ය නායකයන්ගේ මෙම අඛණ්ඩ සංචාරයන් කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීමට ඉවහල් වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.














