ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා.
ශ්‍රී ලංකාව තුළ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ රාජ්‍ය නායකයින්ගේ අවදානය යොමුව තිබෙනවා.
විශේෂ රථ පෙරහැරකින් සහ අශ්වාරෝහකයන් පිරිවරා ගනිමින් මාලදිවයින් ජනාධිපතිවරයා කැඳවාගෙන ආ අතර, ඔහු වෙනුවෙන් ආචාර වෙඩිමුර 21ක් ඇතුළු හමුදා උත්තමාචාර පිරිනමනු ලැබුවා. සංස්කෘතික නර්තනාංගවලින් විචිත්‍රවත් වූ මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරුන් ද එක්ව සිටියා. මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 6 වනදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතයි.















