මෝල්ටා අගමැති රොබට් අබේලා (Robert Abela) විසින් එළඹෙන මැයි 30 වැනිදා එරට හදිසි මහා මැතිවරණයක් පවත්වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ එල්ල වී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා රජයට නව ජනවරමක් අවශ්‍ය බව පවසමින් අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇත.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ඉහළ යාම සහ ඉන් ඇතිවන උද්ධමනකාරී තත්ත්වය පිළිබඳව ආනයන මත යැපෙන මෝල්ටාව දැඩි අවධානයෙන් පසුවෙයි. රටේ ජනතාවට ස්ථාවර බලශක්ති මිලක් සහතික කිරීමටත්, පවතින අභියෝග හමුවේ මෝල්ටා පුරවැසියන්ට “ආරක්ෂිත පවුරක්” ලෙස කටයුතු කිරීමටත් පූර්ණ ජනවරමක් සහිත ශක්තිමත් රජයක් අවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කළේය.
මෙම මැතිවරණය හරහා රොබට් අබේලාගේ කම්කරු පක්ෂය (Labour Party) සිව්වන වරටත් අඛණ්ඩව බලය ලබා ගැනීමට අපේක්ෂා කරයි. වත්මන් ගෝලීය අර්බුද හමුවේ රටේ අවශ්‍යතා කෙරෙහි පමණක් අවධානය යොමු කළ හැකි රජයක් පත් කර ගැනීම මෙම මැතිවරණයේ මූලික අරමුණ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














