27 April 2024
#දේශීය

බද්දෙන් පනින්න බැරි වෙන්න මත්පැන්වලට ආරක්ෂිත මුදාවක් – ඇමැති මංගල

 

 

සුරාබදු අයිතම මත පැනවෙන බදු ආදායම් ගිලී යාම වලක්වන්න ආරක්ෂිත මුද්‍රා පටි වැනි සුදුසු ක්‍රමවේදයක් හදුන්වා දීමේ අවශ්‍යතාවය ඇතිව තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මහතා පවසයි.  

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත සභාග කිරීම සහ සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින්. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ  ” සමාජයට විශාල කරදරයක් වෙලා තියෙන නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය සහ අලෙවිය හැකිතාක් අවම කරගැනීමට අපි උත්සාහ ගන්නවා. කසිප්පු, වල් රා, ස්ප්‍රීතු වැනි බරපතල සෞඛ්‍ය හානි වගේම සමාජ ප්‍රශ්ණ ඇති කරන නීති විරෝධී මත්පැන ජනතාව අතරට යන එක වලක්වා ගැනීම අපේ අරමුණක්. පහුගිය අය වැයෙන් අපි යෝජණා කරපු ඇල්කොහොල් සාන්ද්‍රනය මත බදු පැනවීමේ ක්‍රමවේදය නිසා ජනතාව අතර අධි සාන්ද්‍ර ඇල්කොහොල් භාවිතය සැලකිය යුතු මට්ටමින් පහල යමින් තියෙන බව අපිට පෙනෙනවා. ඒ හේතුව නිසාම බරපතල සෞඛ්‍ය සහ සමාජ, ආර්ථික ගැටලු අවම වෙමින් පවතින බව පෙනී යනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *