මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (24) අලුයම නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බවයි. තුවාල ලැබූ දෙදෙනා මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක් සහ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔවුන් පනිච්චම්කුලම, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, සන්දිවේලි පොලිස් වසමේ සිත්තන්ඩි ප්‍රදේශයේදී ද තියුණු ආයුධයකින් පහරදී 32 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඇයගේ සැමියා විසින් ඊයේ (24) දහවල් තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අපරාධයට යොදාගත් පිහිය ද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සන්දිවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














