• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපතිගේ ඉන්දීය සංචාරයේදී මෙරටට තවත් ආර්ථික සහන රැසක් – ඇමති ප්‍රසන්න

20 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනපතිගේ ඉන්දීය සංචාරයේදී මෙරටට තවත් ආර්ථික සහන රැසක් ලැබෙනු ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එමෙන්ම මෙම සංචාරයේදී දෙරටටම අතිශය වැදගත් වූ තවත් කරුණු කාරණා රැසක් සාකච්ඡා කෙරෙනු ඇති බවටද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පසුගිය ඉරිදා (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ ආසන බළ මණ්ඩලයට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකරන්න අපි එදා නොවිදිනා දුක් වින්දා. අලුත් පක්ෂයක් හැදුවොත් අපිව පාරක් පාරක් ගානේ ඇවිද්දවනව කිව්වා. අපිට නොයෙක් ආකාරයෙන් තර්ජනය කළා. ඒවට සැලෙන්නෙ නැතුව, දේශපාලනික අවධානමකුත් දරාගෙන අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන අලුත් දේශපාලන පක්ෂය නිර්මාණය කළා. අපේ පක්ෂයේ ශක්තිය තමයි ඔබ. ඔබ හැමදාම නිවරදි තීන්දු ගන්න අපිට ශක්තිය දුන්නා. පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය පමණක් නෙවෙයි මහා මැතිවරණයෙදිත් ඔබ අපේ පක්ෂය ඉතාම ඉහළින් ඔසවා තැබුවා. ඒ අතරදි කොරෝනා ගෝලීය වසංගතය මුළු ලෝකයම වෙළා ගත්තා. කොරෝනා වසංගත තත්ත්වයත් සමඟම ලෝකයේ ආර්ථික අර්බුධයක් නිර්මාණය වුණා. රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ වුණා. මෙවයින් බැට කන්නේ අපි වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටවල්. ඒ අතරට මිනිසුන්ගේ දුක වේඳනාව තමන්ගේ සතුට කරගත්තු කාළකණ්නි දේශපාලන පක්ෂ මිනිස්සුන්ගේ හිත්වලට විෂබීජ දැම්මා. අපි රට හදන්න සැළසුම් හදනවිට ඒ කාළකණ්නි රට වළපල්ලට ඇදල දාන්න කටයුතු කළා. මේවට අපේම අයත් යම් තරමකින් උදවුකළා. දැන් ඒ සියල්ල හෙළිවෙමින් තිබෙනවා. රටේ තෙල් පෝලිම්, ගෑස් පොලිම් හැදුණා. විදුලිය දෙන්න බැරි වුණා. මිනිස්සු දැඩි පීඩනයක හිටියා. අපිට මේ ගැටළු නිසි පරිදි කළමණාකරණය කරගන්න බැරිවුණා. අපි ඒ වැරදි පිළිගන්නවා. අපේ නිශ්ෂබ්ධතාවයෙන් කුමන්ත්‍රණකාරයේ ප්‍රයෝජන ගත්තා.අපිට ගැහැව්වා. ගෙවල් ගිනි තිව්වා. දැන් මේව ගැන කතාකරල වැඩක් නැහැ. ගෙවල් ගිනි තියල, ගහල අපිව නවත්වන්න බැහැ. ඟඟ බාධක හමුවේ නවතින්නේ නැහැ වගේ අපිත් අ‍භියෝග හමුවේ පළා යන්නෙ නැහැ. ඔබ බයවෙන්න එපා. අපි ඔබව තනි කරන්නේ නැහැ. මින් පසුව අපේ පාක්ෂිකයන්ට හිරිහැර වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. දැන් අපි වැඩ කරනවා. කුමන්ත්‍රණකරුවෝ හොයා ගන්නත් නැහැ. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්ක එකතුවුනේ කුමන්ත්‍රණකාරයො එළවල ශක්තිමත් රටක් හදන්නයි. ජනාධිපතිවරයා හා අපි අතර රහස් ගණුදෙනු නැහැ. මේක බොහොම විවෘත්ත වැඩපිළිවෙලක්. බොරු කියන්නේ නැහැ. අපි රටට ඇත්ත කියනවා. ඕනම කෙනෙක්ට අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න පුළුවන්. හැබැයි අපේ රටේ විපක්ෂය කෑගහනවා මිසක රට වෙනුවෙන් වැඩක් කරන්න එකතුවෙන්නේ නැහැ. හන්දි ගානේ විතරක් නෙමෙයි ෆේස්බුක් එකෙත් රට හදන්න කතාකරන අනුර කුමාරටත් වැඩපිළිවෙලක් නැහැ. මම තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නැති තරම්. හැබැයි අපි දෙගොල්ල එකට එකතුවෙලා රට වෙනු‍වෙන් වැඩ කරනවා. 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකරගන්න එදා අපි රනිල් ජනාධිපතිතුමාට සහය ලබා දීම ගැන දැන් අපි සතුටු වෙනවා. හැබැයි කුමන්ත්‍රණකාරයෝ විතරක් නෙවෙයි අපිත් එක්ක ඉඳලා විපක්ෂයට ගිහිල්ලා ඉන්න පිරිසත් උත්සාහ ගන්නේ අපි දෙගොල්ල විරසක කරවන්නයි. ඒක ඔවුන්ට කවදාවත් කරගන්න බැහැ. රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. අපි අභියෝග වලට බයේ පැනලා දුවන්නේ නැහැ. අද ගෑස් පෝලිම් නැහැ. තෙල් පෝලිම් නැහැ. පැය 24ම විදුලිය තියෙනවා. ඩොලරය ශක්තිමත් වෙනවා. ලබන සතියේදී ජනාධිපතිතුමා ඉන්දියාවේ සංචාරය කරනවා. එහිදී වතුකරයේ හා උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණදෙන ගැටළු විසඳගන්න ආකාරය ගැන සාකච්ඡා කරාවි. ඒ සංචාරයේදී අපේ රටට තවත් ආර්ථික සහන රැසක් ලැබෙනවා. ඒ වගේම දෙරටටම අතිශය වැදගත් වූ කරුණු කාරණා රැසක් පිළිබඳ විවෘතව හා පුළුල්ව එහිදී සාකච්ඡා කරනවා. විපක්ෂයට මේව බලාගෙන ඉන්න බැහැ. සජිත් ප්‍රේමදාස දේශපාලනයට තවම පොඩි දරුවෙක්. එයාට ප්‍රායෝගික දේශපාලනය ගැන තව හුඟාක් ඉගෙන ගන්න තියෙනවා” යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Post Views: 17
Previous Post

SLT විකිණිමට විරුද්ධ වු නිසා මාව ඉවත් කලා – හිටපු සභාපති රොහාන්

Next Post

ජනපති යටතේ ඇති අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

editor

editor

Next Post

ජනපති යටතේ ඇති අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved