27 April 2024
#දේශීය

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනිම සදහා ඡායාරුප ආගමන විගමන දෙපාර්තමෙන්තුවට උඩුගත කිරිමේදි ගැටලු රැසක්

විදේශ ගමන් බලපත්‍ර සදහා අවශ්‍ය ඡායාරුප ප්‍රාදේශිය වශයෙන් ලියාපදිංචි වි සිටින ඡායාරුප ශාලාවලින් ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ දත්ත පද්ධතියට අදාළ ඡායාරුප උඩුගත කිරිමේදි මේ දිනවල ඇතිවි තිබෙන ගැටලුකාරි තත්වය නිසා දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බව සමස්ත ලංකා වෘත්තිය ඡායාරුප ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මා‍තලේ දිස්ත්‍රික් එකමුතුවේ සභාපති ප්‍රියන්ත හේරත් මහතා ඊයේ(13)වනදා මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ අදහස් පල කලේය ” රට දැඩි ලෙස ආර්ථික අර්බුදයකට ලක්වි සිටින අවස්ථාවක් මේක.විශාල පිරිස් විදේශ රැකියා සදහා යැම සදහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනිම සදහා අවශ්‍ය ඡායාරුප ලබා ගැනිමට අප ඡායාරුප ශාලා වෙත පැමිණෙනවා.ඔවුන් විසින් නිසි ආකාරව ඡායාරුප ලබා ගෙන ඒවා ඔන් ලයින් මාර්ගයෙන් උඩුගත කිරිමට යැමේදි මේ දිනවල දත්ත පද්ධතියේ දෝෂ හටගෙන තියනවා.අපි මේ පිළිබදව නිසි බලධාරින්ට දැනුම් දුන්නා.නමුත් තාම විසදුමක් නැහැ.ආගම විගමන දෙපාර්තමෙන්තුවේ නිසි අවසරය සහ ලියාපදිංචි පළපුරුදු පිරිසක් විසින් මේ කටයුතු සිදු කරනවා.මේ වන විට දිිවයින පුරා සිටින අපේ සොහෝදර ශීල්පින් විසින් ලබා ගන්නා ඡායාරුප ප්‍රධාන කාර්යලෙය් දත්ත පද්ධිතිවය ඇතුල් කිරිම හිතා මතාම ඉවත් කර තිබෙනවා.දෙපාර්තමෙන්තුව අවට තෝරා ගත් පිරිසක් සහ ඡායාරුප ශිල්පින්ගේ පමණක් මේ කටයුතු සාර්ථකව සිදු කරන බවට අපට තොරතුරු ලැබිලා තියනවා.රටේ විදේශ සංචිත වැඩි කරන්න අවශ්‍ය කියන කාලයක මෙවැනි දේ සිදු විම කණගාටුවට කරුණක්.අපි සුලු මුදලක් පමණයි අය කරන්නේ නමුත් ඇතැම් තැරැව්කරුවන් මාර්ගයෙන් දෙපාර්තමෙන්තුවේ අවට ඇති ඡායාරුප ශාලා මගින් විශාල මුදලක් අයකරගෙන කටයුතු කරනවා.මේ දේ සිදු නොවිය යුතුයි.අපි කාලයක් තිස්සේ සිදුකරගෙන එන ඡායාරුපකරණය අද වන විට හැල්ලුවට ලක්වෙලා.අපේ නගරයේ ඇතුලු අනෙකුත් ප්‍රදේශවල සිටින ඡායාරුප ශීල්පින් පාරිභෝගිකයින්ගේ දෝෂ දර්ශනයට ලක්වෙනවා.අපෙන් ලබා නොගන්නා ඡායාරුපම වෙනත් මාර්ගවලින් වැඩි මුදලට සිදු කරනවා.මේ පිළිබදව අදාළ බලධාරින් වහා අවධානය යොමු විය යුතු බවද හේරත් මහතා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා මාතලේ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡායාරුප ශාලා හිමියන් පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *