27 April 2024
#දේශීය

කොළඹ වරාය විකිණීමට එරෙහි උද්ඝෝෂණ රැසක්

කොළඹ වරායේ කොටස් ඉන්දියාවට හෝ වෙනත් රටකට හෝ සමාගමකට හෝ ආයෝජනය සඳහා යැයි පවසමින් පැවරීමට එරෙහිව උද්ඝෝෂණ රැසක් පැවැත්වීමට විවිධ පිරිස් විසින් සංවිධානය කර ඇත.

ඒ සඳහා මේ වන විට වරායේ සේවකයින් ප්‍රමුඛව වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්‍ෂවලද දැවැන්ත විරෝධයක් එල්ලවෙමින් පවති.

මෙම විරෝධතාවලට සමගාමීව පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පස්වරු 12 ට කොළඹ විදුලි බල මණ්ඩල මුලස්ථාන කාර්යාලය ඉදිරිපිට, කොළඹ මහනගර සභාව ඉදිරිපිටදී, රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී, දේශීය ආදායම් හා මහජන බැංකු කාර්යාලය ඉදිරිපිටදී, රත්මලාන ගොලූ මඩම හන්දියේ ජල සම්පාදන කාර්යාලය ඉදිරිපිටදී (දවල් 12.30) , කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී (විරෝධතා පෙත්සම), කලූබෝවිල රෝහල, ජපුර රෝහල් ඉදිරිපිටදී (විරෝධතා පෙත්සම) ස්ථානවල පැවැත්වීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *