• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරටට ඩොලර් එවන අයට සහන රැසක් – ඇමැති මනුෂ නානායක්කාර

2 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමු කළ ඕනෑ ම ලාංකිකයකුට ගුවන් තොටුපළේ දී තීරු බදු සහනය ඉහළ දැමීමටත්, ඉලෙට්‍රික් වාහනයක් ආනයනයට අවසර දෙන බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේ දීය.

එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්, ” විදෙස්ගත ශ්‍රමිකයන් මේ වෙලාවේ එවන මුදල් නිසා තමයි අපිට විශාල වශයෙන් යම් යම් මිලදී ගැනීම් කරන්න ඩොලර් ලබා ගන්න හැකි වෙලා තියෙන්නේ. පහුගිය කාලයේ එවූ මුදල් ප්‍රමාණයේ යම් කිසි අඩුවක් තිබුණත් ජූලි මාසේ වෙද්දී යම් වැඩිවීමක් තියෙනවා. මේ මුදල් නිසා තමයි අපිට තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අපි මුලින් ම ඉල්ලීමක් කළේ රටේ තියන ප්‍රශ්නය විසදා ගන්න ඔබට පුළුවන් සහයෝගයක් දෙන්න කියලා.

සමහරු උන්ඩියල් හවාලා වැනි ක්‍රම හරහා සල්ලි එවද්දී රටට ආදරේ මිනිස්සු ටික තමන්ගේ ඩොලර්, යෙන්, ඩිනාර් ටික බැංකු හරහා ම එව්වා. ඒ ඩොලර් සංචිත වලින් මේ රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඒ නිසා ම කැබිනට් මණ්ඩලයේ පූර්ණ එකගතාවය මත අපේ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකතු වෙලා එවන ප්‍රේෂණ වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා.

පළවෙනි යෝජනාව තමයි ගුවන් තොටුපලේ දී හිමි වන තීරුබදු සහනය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීම.

මෙච්චර කාලයකට විදෙස් ගත වෙලා දින අනූවකට අඩුවෙන් හිටි කෙනෙකුට මෙරටට පැමිණීමේ දී ඩොලර් එකසිය අසූහතයි සත පනහක තීරුබදු සහනයක් හිමි වුණා. අවුරුද්දක කාලයක් නම් ඩොලර් හයසිය විසි පහයි. අවුරුද්දකට වැඩි නම් ඩොලර් එක්දහස් හත්සිය පනහයි. ලංකාවට ඩොලර් එව්වත් නැතත් මේ සහනය තියෙනවා.

මේ තීරු බදු සහනය ඒ විදියට ම තියෙන ගමන් දින අනූවකට අඩු කාලය දී ඩොලර් දෙදහස් හාරසීයක් වත් අඩුම තරමේ රටට එවලා තියෙනවා නම් සිල්වර් කැටගරි යටතේ ඩොලර් හත්සිය අසූහතක් විදියට තීරුබදු සහනය ඩොලර් හයසීයකින් වැඩි කරනවා. අවුරුද්දක් නම් නම් එක්දහස් දෙසිය විසි පහක් සහ ඊට වැඩි නම් ඩොලර් දෙදහස් තුනිසිය පනහක් විදියට තීරු බදු සහනය හිමි වෙනවා.

මේ විදියට ම ඩොලර් හාරදහස් අටසීයක් වත් එවලා තියෙනවා නම් 1175, 1585 සහ 2710ක් වෙනවා. 7200ක් එවලා තියෙනවා නම් 1627, 2065, 3190 විදියට වැඩි වෙනවා. ඩොලර් 12000ක් වත් එවලා තියෙනවා නම් ගෝල්ඩ් ප්ලස් කැටගරිය යටතේ ඩොලර් 2587, 3025 සහ 4150ක තීරුබදු සහනයක් හිමි වෙනවා. අවුරුද්දට 24000ක් එවලා නම් 20%ක් වැඩි වෙලා ඩොලර් 4800කින් වැඩි වෙනවා. ඒ අනුව තීරු බදු සහනය අවම වශයෙන් ඩොලර් 4985, 5425 සහ 6550ක් වෙනවා. හැබැයි වෙනදා හම්බවුණු උපරිමය වුණේ 1750ක් විතරයි.

දෙවැනි යෝජනාව තමයි ඕනෑ ම විදෙස් මුදලක් බැංකුවක් හරහා ලංකාවට එව්ව ඕනෑ ම ලාංකිකයෙකුට වාහන ගෙන්වීමේ දී බලපත්‍රයක් ලබා දීම.

රටේ තියෙන තත්ත්වයත් එක්ක දැනට මොනම විදියකට වත් ලංකාවට වාහන ගෙන්වන්න දේනනේ නෑ. දෙවැනි යෝජනාව විදියට විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ම වාහනයක් ගෙන්වීම් බලපත්‍රයක් හදුන්වා දෙන්නේ ඒ නිසයි.

මෙතනදී ඩොලර් 3000ට වඩා තමන්ගේ හෝ ඥාතියකුගේ හෝ ගිණුමකට බැංකුවක් හරහා එවලා තියෙනවා නම් ඒ අයට ඒ එවපු මුදලේ අඩක වටිනාකමට විද්‍යුත් යතුරු පැදියක් බමිලට ගන්න පුළුවන්. ඩොලර් 3000 තමයි අඩුම වටිනාකම. ත්‍රිරෝද රථ සදහා මේ අවසරය නෑ.

ඒ අනුව ඩොලර් 20,000 සිට 65000ක උපරිමය දක්වා විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර දෙනවා. මේ ගෙන්වන වාහන 300-500 අතර ධාවන පරාසසයක විය යුතුයි. සූර්ය බල පද්ධතිය මගින් ආරෝපනය කළ යුතු අතර එය තමන් විසින් ම සකස් කර ගැනීමට හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. ජාතික පද්ධතියෙන් මේ වාහන චාර්ජ් කරන්න දෙන්නේ නෑ.

මෙමගින් රටට ඩොලර් ගෙන්වා ගැනීම වර්ධනය කර ගැනීම සහ විදේශයන්ට ඩොලර් ඇදී යාම අවම කිරීමත්, ප්‍රධාන ධාරාවට බලපෑමක් නොවීමත්, පරිසරය සුරැකිමත් යන ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමටත් අපේක්ෂා කරනවා. ඒ සදහා වන චක්‍රෙල්ඛනය ඉදිරියේ දී නිකුත් කරනවා. යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 4
Previous Post

රණවිරු පවුල් සදහා මාලඹෙන් සහ මීරිගමින් ඉඩම් ලබා දෙයි

Next Post

DFCC ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන සාර්ථක ලෙස අවසන් කළ පිරිසට සහතිකපත් ප්‍රදානය කෙරේ

editor

editor

Next Post

DFCC ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන සාර්ථක ලෙස අවසන් කළ පිරිසට සහතිකපත් ප්‍රදානය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved