27 April 2024
#සංවර්ධන

උකුවෙල දියරි කිරි ප්‍රවර්ධනය වැඩසටහන් රැසක්

පවත්නා ආර්ථික හා සමාජයීය තත්ත්වය අභිමුව, ආනයනික කිරිපිටි භාවිතයෙන් තොරව නීරෝගිමත් දිවි පැවැත්මක් පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර දෙමින් නැවුම් කිරි භාවිතයට කුඩා කල සිට දරුවන් හුරු කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පසුගිය දා උඩංගමුව සණස මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

නැවුම් කිරි භාවිතයේ ගුණාත්මක වටිනාකම මෙන්ම දේශීය ආහාර රටාවකට අනුගත වීමේ වැදගත්කම ද දෙමාපියන් විෂයයෙහි අවධාරණය කර දී දරුවන් සදහා නැවුම් කිරි වීදුරුවක්ද ලබා දුන් මෙම වැඩසටහන පශු සම්පත් සංවර්ධන නිලධාරී ඉන්දිකා ධර්මකීර්ති මෙනවිය විසින් සංවිධානය කරන ලද අතර, මුල් ළමා සංවර්ධන නිලධාරී නිරෝෂා විජේකෝන් මහත්මිය සහ දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී නිසංසලා ගුණවර්ධන මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

 

මාතලේ මහේෂ් කිර්තිරිත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *