“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “සිහින ගමනාන්තය” ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියර ඊයේ (25) ජනතා අයිතියට පත් කෙරිණි. දිවයින පුරා දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ දැවැන්ත සැලැස්ම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක අවස්ථාව පැවැත්විණි.
මීට මාස හතකට පමණ පෙර ආරම්භ කරන ලද මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු මගින් මගීන්ට වඩාත් පහසු සහ නවීන මට්ටමේ සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ. මෙරට ප්‍රධානතම දුම්රිය මර්මස්ථානයක් වන මරදාන දුම්රිය ස්ථානය මෙලෙස නව මුහුණුවරකින් ජනතා අයිතියට පත්වීම මගී ජනතාවගේ ද ඇගයීමට ලක්ව ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් දුම්රිය ස්ථානවල පිරිසිදුකම, මගී පහසුකම් සහ සෞන්දර්යාත්මක පෙනුම ඉහළ නැංවීමට කටයුතු කරමින් පවතින අතර, ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රධාන දුම්රිය ස්ථාන ද මෙම නවීකරණ වැඩපිළිවෙළ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.














