මහවැව – ගල්අමුණ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ඇතැඋඩ කන්දේ ඥානාලෝක හිමියන්ට පුද්ගලයෙකු විසින් බැන වැදී තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (ජූලි 23) මාරවිල පොලිස් ස්ථානය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වී තිබේ.
ගල්අමුණ ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී වැලි කැපීමේ සිද්ධියකට විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීම හේතුවෙන්, අදාළ වැලි කැපීමට සම්බන්ධ පුද්ගලයෙකු විහාරස්ථානයට පැමිණ උන්වහන්සේට තර්ජනය කර ඇති බව වාර්තා වේ. මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදු නොවිය යුතු බව බලකරමින් විරෝධතාකරුවන් මෙම විරෝධතාවයේ නිරත විය.














