ලෝක සිනමාවේ අමරණීය සලකුණක් වූ මුල් ‘ස්ටාර් වෝස්’ (Star Wars) චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන සංස්කාරකවරිය සහ ඔස්කාර් සම්මානලාභිනියක වූ මාර්සියා ලූකස් මහත්මිය සිය අසූවන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රැන්චෝ මිරාජ් හි පිහිටි ඇගේ නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බවත්, මරණයට හේතුව මෙටාස්ටැටික් පිළිකා තත්ත්වයක් බවත් ඇගේ පවුලේ ඥාතීන් විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.
සිනමා ඉතිහාසය වෙනස් කළ කෘති නිර්මාණය කිරීමේදී තිරය පිටුපස සිට විශාලතම දායකත්වයක් ලබා දුන් ඇය, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිනමා ක්ෂේත්‍රයේ නිර්මාණශීලී කාර්මික ශිල්පීන් වෙත විශාල ආභාෂයක් ලබා දුන් චරිතයකි. සිය ජීවිතයේ අවසාන මොහොත දක්වාම ආදරණීයයන්ගේ සමීපතම ඇසුරේ පසු වූ ඇය, අතිශය සාර්ථක සිනමා ගමනක් නිම කරමින් සමුගැනීම ලෝක සිනමා ලෝලීන් අතර නොමැකෙන ශෝකයක් ජනිත කර තිබේ.
ඇය විසින් සිනමා සංස්කරණ ශිල්පයට එක් කළ නව්‍ය ප්‍රවේශයන් සහ තාක්ෂණික දායකත්වය ඉදිරි පරම්පරාවල සිනමාකරුවන් සඳහා නිබඳවම පාඩමක් වනු නොඅනුමානය. මාර්සියා ලූකස්ගේ වියෝව ලෝක සිනමා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරි කරන අතර, ඇය විසින් නිර්මාණය කළ සිනමාත්මක උරුමය අනාගතයේදී ද අඛණ්ඩව ඇගයීමට ලක්වනු ඇති බව සිනමා විචාරකයෝ පවසති.
















