මස්කෙළිය පොලිස් වසමට අයත් ඕල්ටන් වතුයායේ ඉහළ කොටසේ තිබී අභිරහස් ලෙස මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් (12) වන දින සොයාගෙන ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු පවසයි.
අවුරුදු 4ක් පමණ වයසැති මෙම කොටියාගේ ගෙල ප්‍රදේශයේ තුවාලයක් තිබී ඇති අතර, කඳුකර කොටින් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් මෙම මරණය සිදු වන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි. මියගිය කඳුකර කොටියාගේ සිරුර (13) වන දින හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර, අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යැවීමට නියමිත බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.














