27 April 2024
#දේශීය

මාතලේ ළමා උද්‍යානය අපවිත්‍රවෙලා – වහාම පිරිසිදු කරන්න – ආණ්ඩුකාර ලලිත්

මාතලේ මහ නගර සභාව යටතේ පාලනය වන ළමා උද්‍යානයේ පොකුණ ඇතුලු අනෙකුත් දැ අපවිත්‍ර වි ඇති බවට ජනතාවගෙන් තමා වෙත පැමිණි ලැබි ඇති බවත් ඒ පිළිබදව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස නගර සභා බලධාරින්ට උප‍දෙස් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසිය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ දරුවන් ඇතුලු වැඩිහිටියන්ගෙන් ප්‍රවේශ පත්‍ර සදහා මුදල් ලබා ගන්නා බවත් නමුත් අවශ්‍ය පහසුකම් කිසිවක් ළමා උද්‍යානයේ නොමැති බවට තමන්ට ඡායාරුප සහිතව ජනතාව පැමිණිලි කළ බවය.

මේ පිළිබදව අදහස් දැක්වු නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා කියා සිටියේ ආණ්ඩුකාරවරයාගේ උපදෙස් අනුව ළමා උද්‍යානයේ පවිත්‍රතා කටයුතු කඩිනම් කිරිම සදහා අවශ්‍ය පියවර ගත් බවය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *