27 April 2024
#දේශීය

මාතලේ අවදානම් ගස් කපා දමයි

මාතලේ මහ නගර සිමාවේ මාර්ගයන් අසළ ඇති අවදානමට ලක්ව ඇති ගස් ඉවත් කිරිමට පියවර ගත් බව මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවත් අවදානමට ලක් විහ හැකි බවට හදුනාගෙන ඇති හා මහජන පැමිණිලි අනුව කඩිනම්ව සොයා බලා මෙම පියවර ගන්නා බවත් ඒ අනුව නාගරික ගෘහස්ථ ක්‍රිඩාගාරය අසළ තිබු ගස් කිහිපයක් ඉවත් කල බවත් අනෙකුත් අවදානම් සහිත ගස් ඇති ස්ථාන පිළිබදව සොයා බලා ඉවත් කිරිමට පියවර ගන්නා බවද කොමසාරිස්වරයා පැවසිය.

කෙසේ වෙතත් නගරයේ මාර්ග දෙපස කුඩා ප්‍රමාණයේ ගස් රෝපණය කිරිම් වැඩසටහනක්ද මිට සමගාමිව සිදු කරන බවද කොමසාරිස්වරයා පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *