මාතලේ රජ වීදියේදී ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් 74 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියේ ගමන් කරමින් සිටි 12 හැවිරිදි දරුවෙකු ද තුවාල ලබා ඇති අතර, ඔහු වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. වාර්තා වන පරිදි, උකුවෙල ප්‍රදේශයේ සිට මාතලේ නගරයේ පවත්වන උපකාරක පංතියක් සඳහා දරුවාව රැගෙන යමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















